මේ සම්මත වූ නව ව්‍යවස්ථාවෙ සංශෝධිත කරුණු කීපයක් පහත තියෙනවා.
1.පක්ෂ නායක, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක, සභාපති යන තනතුරුවලට පුද්ගලයින්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් ජාතික විධායක සභාවේ සාමජිකයින් අතරින් තෝරාගත යුතුය.
2.ඉහත පරිදි එකඟතාවයෙන් එම තනතුරු පිරවිය නොහැකිවිට, ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ හා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් එම තනතුරු සඳහා පුද්ගලයින් තෝරාගත යුතුය.
3.පක්ෂ මහ ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු සඳහා පුද්ගලයින් පක්ෂ නායක විසින් පත්කල යුතුය.
මීට අමතරව පක්ෂ ක්රියාකාරීත්වයේ කාන්තා නියෝජනය වැඩිකිරීම පිලිබඳ සංශෝධනත් මෙම නව ව්‍යවස්ථාවෙ අන්තර්ගත වෙලා තිබුණා.
එජාපය පහුගිය අවුරුදු කීපය තුලම විශාල පසුබෑමකට ලක්වුණ බව අපි හැමොම දන්නවා. මෙලෙස ඒජාපය ප්රමුඛ රටේ විපක්ෂයෙ පසුබෑම නිසාම පවතින සංධාන ආණ්ඩුව අතිරේක වාසිත් ලබාගත්ත. රටක විධිමත් ප්රජාතන්ත්රවාදී පාලනයක් පවතින්නනම් රටේ ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් ඕනෑ. එවිට තමයි විපක්ෂයට ආණ්ඩුවේ අවිධිමත්, ඒකාධිපති වැඩවලට එරෙහි වෙන්න පුලුවන්. ඉතින් වත්මන් ලංකාවේ විපක්ෂයේ ශක්තිය තීරණය වෙන්නෙ එක්සත් ජාතික පක්ෂය මත බව අවිවාදාත්මකයි.
ඉතින් එජාපයේ තියෙන ප්රශ්නය කුමක්ද ?
ඉතාම පැහදිලියි. නායකත්වය. ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම රැඳෙන්නෙ නායකත්වය මත. පක්ෂයක් රැඳිය යුත්තෙ පක්ෂයක ප්‍රතිපත්ති මත වුණාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපි උදාහරණ ගමු. 1956දී ශ්රීලනිපය රැඳුනෙ ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගෙ වටේ. ඊට පස්සෙ බණ්ඩාරනයක මැතිණිය වටේ. 1977 J.R. ජයවර්ධන ජනාධිපතිතුමා වටා එජාපය රොක් වුණා. ජවිපෙ රැඳුනෙ රෝහණ විජේවීර මහතා වටා. ජවිපෙ ගත්තොත්නම් 50%ක් පක්ෂෙ ප්‍රතිපත්තිත් තියනවා. අද සංධානය තියෙන්නෙ ජනපති මහින්ද රාජපක්ෂ මහතා වටා. ඒක අපි හැමෝටම පෙනෙන දෙයක්නෙ.
ඉතින් අද එජාපයට ඕනෑ නයකත්වයේ වෙනසක් කියල තමා පාක්ෂිකයෝ බහුතරයක් කියන්නෙ. ඉතින් අපි බලමු එජාපය ඉදිරි මාස 4 අතුළත ගන්න තීරණය කුමක්වේවිද කියලා.
සැමට ජයෙන් ජය!!!!!!!!!!!!!
ඉතින් අද එජාපයට ඕනෑ නයකත්වයේ වෙනසක් කියල තමා පාක්ෂිකයෝ බහුතරයක් කියන්නෙ. ඉතින් අපි බලමු එජාපය ඉදිරි මාස 4 අතුළත ගන්න තීරණය කුමක්වේවිද කියලා.
සැමට ජයෙන් ජය!!!!!!!!!!!!!