16වන ආසියානු ක්රීඩා උළෙල පසුගිය නොවැම්බර් 12වෙනිදා ආරම්භ වුණේ චීනයේ ගුවැන්සු (Guangzhou) නුවරදි.මෙම ක්රිඩා උළෙල 16වන ඒසියඩ් (16th Asiad) කියලත් හඳුන්වනවා. ඒ අසියානු ඔලිම්පික් සංගමයෙ රටවල් 45ක සහභාගීත්වයෙන්. ක්රීඩා 42ක ඉසව් 476 මෙම ක්රීඩා උළෙලට අතුලත් වුනා. පුරා දින 15 තිබුණ උළෙල අද (නොවැම්බර් 27) අවසන් වුණේ අති උත්කර්ශවත් අන්දමින්.
තරඟාවලියෙ අවසන් පදක්කම් සටහනට අනුව ආසියානු කලපයේ හැම අතින්ම ප්රබලයා වන සත්කාරක චීනය පෙරමුණ ගත්තෙ රන් පදක්කම් 199ක්, රිදී පදක්කම් 119ක්, ලෝකඩ පදක්කම් 98ක් සමඟ මුළු පදක්කම් 416ක් ලබාගෙන. පදක්කම් සටහනේ දෙවනි තැන ගත්තෙ දකුණු කොරියාව. ඒ රන් 76ක්, රිදී 65ක්, ලෝකඩ 91ක් සමඟින්. තුන්වෙනි තැන ගත්තෙ ජපානය. ඔවුන් රන් 48ක්, රිදී 74ක්, ලෝකඩ 94ක් ලබා ගත්තා.
ලංකාවෙ අපි අයත්වන දකුණු ආසියනු කලාපයෙන් පදක්කම් සටහනෙන් පෙරමුණ ගත්තෙ දකුණු ආසියනු කලාපයෙ බලවතා වන ඉන්දියාව. ඔවුන් රන් 14ක්, රිදී 17ක්, ලෝකඩ 33ක් සමඟින් දකුණු ආසියාවෙ පෙරමුණ ගත්තා. ඒත් ඔවුන්ට සමස්ථ සටහනේ හිමිවුණේ 6වන ස්ථානය. ඔවුන්ට පෙර සමස්ථ සටහනේ ඉරානය සිව්වන තැනත්, කසකස්ථනය පස්වන තැනත් දිනා ගත්තා.
මෙවර ශ්රී ලංකාවට මොකද වුණේ??
ලංකාව මෙවර තරඟාවලියට සහභාගී වුණේ ඉසව් 24ක් සඳහා ක්රීඩකයින් 104ක් සමඟින්. ඒ පදක්කම් කීපයක් බලාපොරොත්තුවෙන්. මළල ක්රීඩා ඉසව් කීපයකින් හා ක්රිකට්වලින් ඒ පදක්කම් බලාපොරොත්තු වුණා. නමුත් ඒ සියළු බලාපොරොත්තු සුන් වුණේ ලංකාවට කිසිදු පදක්කමක් නොලැබී යාමෙන්. ලංකික සැවොම බලා සිටි ක්රිකට් වලදි අනපේක්ෂිත ලෙස අවසන් පූර්ව තරඟයෙදි ලංකාවට බංගලාදේශය හමුවෙ පරාජය අත්වුණා. රන් පදක්කම නැති වුණත් ලෝකඩ පදක්කම් තරඟයෙදි පකිස්ථනය හමුවෙ පරාජය වෙන්න අපිට සිදුවුණා.
ලංකාවෙ 15වෙනි ක්රීඩා ඇමතිවරයා දිවුරුම් දුන්නෙ මේ උළෙල අතරතුර. ඒ මහනුවර දිස්ත්රික්කය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා. එතුමා දිවුරුම් දීලා කරපු කතාව නම් නියමයි. එතුමා කිව්වෙ ලංකාවෙ ළමයි ක්රීඩා කරන්නෙ හැකියාවෙන්. ඒත් ලෝකය ක්රීඩා කරන්නෙ හැකියාව සමඟ තාක්ෂණයෙන්. මගේ අරමුණ ඒ හැකියාව අති ළමයින්ට තාක්ෂණය ලබා දීල රට නියොජනය කරන්න අවස්ථාව ලබාදීමයි කියලා.
ඉතින් ලාංකිකයෙක් විදියට Srinews Onlineහි අපි පතන්නෙ ඉදිරි තරඟාවලිවලදි අභිනව අමතිතුමාගෙ අරමුණ ඉටුවෙලා ලංකාවට ජයෙන් ජයම ලැබෙන්න කියල. මේ වඩේට රටේ ක්රීඩා නිලධාරීන්, ක්රීඩකයො ආදී සියල්ලන්ම ඇමතිතුමා සමඟ එක්වේවි කියල Srinews Online අපි හිතනව.
ජයවේවා !!!!!!!!!!!
mistakes tiyanwa..
ReplyDeletenice one.. keep it up mchn..
ReplyDeleteela... This is gonna be really useful for the viewers
ReplyDelete